Gossips

Update – නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙක් දිවුරුම් දෙයි

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව රංජිත් අලුවිහාරේ දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන දිවුරුම් දුන්නා.
අජිත් මාන්නප්පෙරුම පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් අතර, නැවත පදිංචිකිරීම – පුනරුත්ථාන – උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන්.
එඞ්වඩ් ගුණසේකර අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ නලීන් බණ්ඩාරයි.
Update :- Tuesday, June 12, 2018 10.21 AM
———————————————————-
රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.