Gossips

රජයේ නාලිකාවක නිවේදකයෙක් පුද්ගලයෙකුට පිහියෙන් අනී

වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට රජයේ ප්‍රධාන නාළිකාවක රාත්‍රී සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු විසින් පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කඩවත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඉකුත් 9 වන දා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත නිවේදකයා සහ කායවර්ධන මධ්‍යස්ථානයේ හිමිකරු අතර ඇතිවූ ගැටුමකදී මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලිසිය පවසනවා.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වසන්ත කුමාර ලියනගේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාළ නිවේදකයා මේ වන විට නිවසින් බැහැරව සිටින බවයි පොලිසිය පවසන්නේ.
ඔහු ද එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
නිවේදකයා ද තමන්ට පහරදුන් බව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.