Gossips

දඹුල්ලේ මහමග මළසිරුරක්

දඹුල්ල නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගය අභියස මිය ගොස් වැටී තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (9) දින අලුයම සොයාගත් බව දඹුල්ල පොලීසිය පවසනවා.
හිස ප්‍රදේශයේ දරුණු තුවාල පවතින බව මෙම මළ සිරුර පරීක්ෂා කිරීමේ දී දැක ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.
මළසිරුර ආසන්නයේ ඇඳුම් කිහිපයක් සහිත ගමන් මල්ලද පොලිසිය සොයාගෙන තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව සඳහන්.
කහ පාටට හුරු ටී ෂර්ට් එකක් සහ ඩෙනිම් වර්ගයේ දිග කලිසමක් හැද මියගොස් ඇති තැනැත්තා වයස අවුරුදු හතළිහක් පමණ වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
රිය අනතුරකට ලක්වී මිය ගියාද එසේත් නොමැති නම් පහරදී ඝාතනයක් සිදු කළේ ද යන්න සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.
මළ සිරුර වැටී තිබෙන ස්ථානයේ සහ ඒ අවට ව්‍යාපාරික ස්ථානවල සවි කර ඇති සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කරමින් මේ සිද්ධිය පිළිබඳව වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට උපදෙස් ලබාදුන් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර කියා සිටියා.
මියගොස් සිටින පුද්ගලයා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.