Gossips

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.
නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු අද (12) දිවුරුම් දීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හයදෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව ඇති බවටයි මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුණේ.
ඒ අනුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යාංශය, වතු යටිතල පහසුකම්, සංචාරක, කර්මාන්ත හා වානිජ කටයුතු, මහා නගර හා බස්නාහිර නගර සංවර්ධන යන අමාත්‍යාංශ සඳහා මෙන්ම තවත් එක් අමාත්‍යාංශයක් සඳහා නියෝජ්‍ය අමාත්‍යවරු හයදෙනෙකු පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහතින්.
01. රංජිත් අලුවිහාරේ
02. අජිත් මාන්නප්පෙරුම
03. එඩ්වඩ් ගුණසේකර
04. බුද්ධික පතිරණ
05. ලකී ජයවර්ධන
06. නලීන් බණ්ඩාර