Gossips

ගසකට යටවී තිදරු පියෙක් මරුට (ඡායරූප)

කපන ලද ගසක් බිමට පතිතවීමේදී එයට යටවීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහලවෙත රැගෙන යමින් සිටියදී මියගොස් තිබෙනවා.
තලවකැලේ, ග්‍රෙස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෙකු ඊයේ (11) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තලවකැලේ පොලීසිය පවසන්නේ.
40 හැවිරිදි තිදරු පියෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර වත්තේ කර්පන්ටයින් ගස් කපමින් සිටියදී අදාල පුද්ගලයා මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර ලිඳුල රෝහලේ තැන්පත්කර ඇති අතර තලවකැලේ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඡායරූප – හැටන්, චන්දන ජයවීර