Gossips

හිටපු ජනපති සැහැල්ලූ ගුවන් යානයකින් මත්තලට

මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා පැමිණීම වැළැක්වීම පළි ගැනීමේ චේතනාවෙන් සිදුකළ කටයුත්තක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
පෞද්ගලික සැහැල්ලූ ගුවන් යානයකින් අද මත්තල ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මේ අතර, කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකළ තනතුරු සංශෝධනයෙන් ඵලක් නොමැති බවයි.
තනතුරු සංශෝධනය කිරීමට පෙර ජනතා ආකල්ප අවබෝධ කර ගනිමින් කටයුතු කළ යුතු බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.