Gossips

ඇමති පාලිත රංගේට දසතින් විරෝධය

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අධික බීමතින් සිට සිදුකළ රිය අනතුරෙන් පසු, රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විරෝධය එල්ල වනවා.
ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
එහිදී එහි සභාපති චතුරංග ද අල්විස් ද මාධ්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළා.
එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්, රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මෙන්ම නීතිඥවරුන් වන ප්‍රේමනාත් සී. දොලවත්ත සහ සුනිල් වටගල ද මාධ්‍ය හමු කැදවමින් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචන සිදුකළා.