Gossips

තැපෑලේ නිවාඩු අවලංගු කරයි

අත්තනෝමතික ලෙස බඳවා ගැනීමේ පටිපාටිය සහ උප තැපැල් ස්ථානාධිපති තනතුරට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම නවතා දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ අද පස්වරු 4 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන තුරු වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම පෙරමුණේ සාමාජික, ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත්, වර්ජනය ආරම්භ කිරීමත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව තැපැල්පති රෝහණ අබේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.
එමෙන්ම, විදුලි ඉංජිනේරුවරුන්ගේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.
ඉදිරි වසර 20 සඳහා විදුලි බලාගාර ඉදිකිරීමේ අඩු වියදම් විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වුවද එහි යම් යම් ගැටළු පවතින බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ.
හදිසි විදුලි බිඳ වැටීම් හා අලූත්වැඩියා කටයුතුවලින් ඉවත් වීමට ගත් තීරණය අවලංගු කළ ද, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.