Gossips

ඩේවිඩේ වෝනර් ක්‍රිකට් විචාරකයෙකු වෙයි

පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරඟ තහනමට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ඩේවිඞ් වෝනර් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස සේවය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එංගලන්තය සමඟ ආරම්භවීමට නියමිත ඕස්ට්‍රේලියානු තරග සංචාරයේදී ඔහු විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරනු ඇති.
තරඟ 05 කින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය ලබන 13 වනදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතයි.