Gossips

සුළඟින් හානියට පත්වූ නිවාස හිමිකරුවන්ට අද දිනයේම වන්දි – ඇමති නාවින්න කියයි

වාරියපොළ ඇතුලූ ප්‍රදේශ කිහිපයක් හරහා අද අලූයම හමාගිය දැඩි සුළඟින් හානි වූ නිවාස සහ දේපළ තක්සේරු කර වන්දි ලබාදීමට අද දිනයේම කටයුතු කරන බව අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න ප්‍රකාශ කළා.
සුළඟින් මාස්පොත, වාරියපොළ, අලව්ව, උඩුබද්දාව යන ප්‍රදේශවල නිවාස 101 කට අධික ප්‍රමාණයකට හානි සිදුවුණා.
වන්දි ලබාදීමට කටයුතු කරන බවට අමාත්‍ය එස්.බී. නාවින්න ප්‍රකාශ කළේ අද උදෑසන හානියට පත්වූ වාරියපොල ප්‍රදේශයේ නිවාස නිරීක්ෂණය කිරීම සඳහා එක්වෙමින්.
මේ වනවිට වාරියපොල සහ මාස්පොත ප්‍රදේශවල නිවාස 40 කට දැඩි හානි සිදුව ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
ආපදා කළමනාකරණ ඒකකය සහ යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ අවශ්‍ය සහන කටයුතු සිදුකරන බවත් බිඳ වැටී ඇති විදුලිය යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.