Gossips

ප්‍රසන්න රණතුංගට එරෙහි ව්‍යාපාරිකයෙකු බියගන්වා මුදල් ලබාගැනීමේ නඩුවේ සාක්ෂි විභාගය ලබන 28 වනදාට කල් යයි

ව්‍යාපාරිකයෙකු බිය ගන්වා රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීම ඇතුඵ චෝදනා කිහිපයක් යටතේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුඵ තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණයේදී සිදු කෙරුණා.
ඒ, මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න හමුවේයි.
එහිදී පැමිණිලිකරු සාක්ෂි ලබා දෙමින් පවසා ඇත්තේ 2015 වසරේ මැයි මස 29වනදා දහවල් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග තමන්ට දුරකතන ඇමතුමකින් ඔහුට මුදල් ලබා දෙන ලෙසට තර්ජනය කළ බවයි.
පසුව එදිනම පස්වරුවේ මන්ත්‍රිවරයා සහ ඔහුගේ ආරක්ෂකයක් තිදෙනෙකු සමග තම ව්‍යාපාරික ස්ථානයට පැමින එම දිනයේදිම මුදල් ලබා දෙන ලෙසට තර්ජනය කළ බවයි පැමිණිලිකරු අධිකරණයට සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇත්තේ.
මීට අමතරව අදාළ තර්ජනය කිරීම ඇතුළත් දුරකථන සංවාදය පිළිබඳ හඩ පටය ප්‍රතිවාදනය කිරීමද අධිකරණයේදී අද සිදුකර තිබෙනවා.
නඩුව වැඩිදුර විභාගය ලබන 28 වනදා දක්වා කල් තැබීමටයි මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න නියෝග කළේ.