Gossips

මිහින් ලංකා ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතියකින් තොරව පත්කර ඇති බව හෙළිවේ

මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ රජයේ අනුමැතියකින් තොරව බව අනාවරණ වී තිබෙනවා.
ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, මිහින් ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදියි.
අදාළ කොමිසම අද(11) රැස්වුණේ 4 වන දිනටයි.
එහිදී අනාවරණ වී ඇත්තේ මිහින් ලංකා ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට අදාළව රජය කිසිදු අනුමැතියක් හෝ බලය පැවරීමක් සිදුකර නොමැති බවයි.