Gossips

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිංගප්පූරු අගමැති සමඟ සාකච්ඡාවක

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ ඓතිහාසික සමුළුවකට සහභාගිවීම සඳහා පැමිණ සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරු අගමැති ලී – ෂෙයින් ලූන් සමඟ අද සාකච්ඡාවක නිරත වුණා.
සිංගප්පූරු අගමැතිවරයා විසින් ජනපති ට්‍රම්ප් ඇතුළු කණ්ඩායමට අද දිවා භෝජනයක් පිරිනැමූ අතර, ඒ සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ද එක්වුණා.
එහිදී සමුළුව සම්බන්ධීකරණය කිරීම පිළිබඳව සිංගප්පූරු අගමැතිවරයා වෙත ප්‍රසාදය පළ කළ ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ හෙට දිනයේ සිත් ගන්නා සුළු හමුවක් අපේක්ෂා කරන බවයි.
ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී හෙට සිදුවීමට නියමිතයි.
බලයේ සිටින ඇමරිකානු නායකයෙකු උතුරු කොරියානු නායකයෙකු මුණ ගැසෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
rn