Gossips

ජනපති, සෝමවීර සේනානායකගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ප්‍රවීණ ගත්කතුවරයෙකු මෙන්ම සිනමා සහ ටෙලිනාට්‍ය තිර රචකයෙකු වූ අභාවප්‍රාප්ත සෝමවීර සේනානායකගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවසන් ගෞරව දක්වනු ලැබුවා.
ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවසට ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
අභාවප්‍රාප්ත සෝමවීර සේනානායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහරගම – ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.