කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළට ඊයේ රාත්‍රියේ බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාසවලට දැඩි හානි සිදුව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ප්‍රදේශයේ විදුලිබලයද මේ වනවිට ඇණහිට ඇති බවයි.
මේ අතර දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය හෙට දිනයෙන් පසු ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.