Gossips

අප්‍රිකානු සංක්‍රමනිකයින් රැගත් යාත්‍රාවක් ඉතාලිය ප්‍රතික්ෂේප කරයි

සංක්‍රමණිකයින් 629 දෙනෙකු රැගත් යාත්‍රාවකට ඉතාලියට ඇතුලූවීමට අවසර ලබා නොදීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
අප්‍රිකාවේ සිට පැමිණි මෙම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව ලිබියානු මුහුදු තීරයේදී ජර්මානු ස්වේච්ඡා සංවිධානයක් විසින් බේරාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම සංක්‍රමණිකයින් අතර කුඩා ළමයින් 123 දෙනෙකු සහ ගැබිණි මව්වරුන් 7 දෙනෙකු සිටිනවා.