Gossips

එක්දින පිටියේ කිරුළු දැරූවන් ලැබූ අනපේක්ෂිත පරාජය

තියුණු සටනකින් අනතුරුව එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් එක්දින ජයක් වාර්තා කරන්නට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.
එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැදී සිටින එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ස්කොට්ලන්ත ලැබූ ජය ඉතිහාසගත පිළිබදව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
තියුණු තරඟයකින් අනතුරුව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 13 වන ස්ථානයේ රැඳී සිටින ස්කොට්ලන්ත මෙම තරඟය ජය ගත්තේ ලකුණු 06කින්.
ස්කොට්ලන්තයේ – එඩින්බරෝ හිදී පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කදුළු 05 ක් දැවි ලකුණු 371ක් රැස් කරන්නට සමත් වුණා.
එහිදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ මුල්පෙළ පිතිකරු කැලම් මැක්ලියෝඩ් පන්දු 94 ක් තුල හයේ පහර 03ක් සහ හතරේ පහර 16ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 140 ක්.
කයිල් කට්ස්ර් සහ ජෝජ් මන්සි ස්කොට්ලන්ත පිල වෙනුවෙන් අර්ධ ශතක රැස් කළා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩකයින්ට පන්දු වාර 48.5 කදී සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 365 ක් පමණයි.
එංගලන්ත කණ්ඩායමේ ජොනි බ්‍රෙස්ට්රෝ පන්දු 59ක් තුල වේගවත් ලකුණු 105ක් රැස්කර කළ ද එය එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් වුයේනැහැ.
එහිදී ස්කොට්ලන්තය වෙනුවෙන් වමත් මද වේග පන්දු යවන්නෙක් වන මාර්ක් වොට් සිය පන්දු ඕවර 10 තුලදී ලකුණු 55 කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrn