ග්රෑම් 100 ක් පමණ බර රත්තරන් කුට්ටි හතරක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්රී ලාංකික කාන්තාවක් අද (9) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය විසින් මෙසේ රැගෙන යාමට තැත්කළ රත්තරන් වල වටිනාකම රුපියල් ලක්ෂ 24 ක් පමණ වන බවයි රේගු නිලධාරීන් පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය මහනුවර පේරාදෙණියේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.
රේගු නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.