Gossips

ලොරි රථයක් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ශීතාගාර පහසුකම් සහිත ලොරි රථයක් සොරා ගත් පුද්ගලයෙකු කුලියාපිටිය කොට්ඨාශ අපරාධ ඒකකය මගින් බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය – ඉගුරුවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.
සැකකරු කුලියාපිටිය ප්‍රදේශයේ යෝගට් නිෂ්පාදනයේ යෙදෙන පුද්ගලයෙකුගේ නිවසකින් මෙම ලොරි රථය සොරාගෙන විත් තිබුණේ පසුගිය 08 වන දායි.
සැකකරු අධික ලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ අයෙක් බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.