Gossips

ජ.වි.පෙ. මන්ත්‍රී නලින්ද ජයතිස්ස අධිකරණයට

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට තමන් සම්බන්ධයෙන් චෝදනා කළ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්නට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවල එළඹෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු කියා සිටියේ මෛත්‍රී ගුණරත්න ඊයේ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
මීගමුව ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න කියා සිටියේ, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මුදල් ලබාගෙන ඇති බවයි.