Gossips

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ මීළඟ වැඩසටහන ත්‍රිකුණාමලයේදී

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ මීළඟ දැනුම්වත් කිරීමේ වැඩසටහන ලබන 13 වනදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතයි.
මන්නාරම, මාතර සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල මීට පෙර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවා.
මෙහිදී සිදුවන්නේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ ව්‍යුහය හා මෙහෙයුම් කටයුතුවලට ජනතා යෝජනා ලබාගැනීමයි.
එමෙන්ම ඉදිරි සැළසුම් සහ ක්‍රමවේදයන් පිළිබඳ ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනෙන අතර, ඊට අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය නියෝජනය කරන කොමසාරිස්වරුන් සියලූදෙනා සහභාගිවීමට නියමිතයි.