Gossips

හෙටත් තද සුළං

දිවයිනේ ප්‍රදේ්ශ කිහිපයකට බලපා ඇති තද සුළං සහිත තත්වය ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවලද සුළෙඟ් වේගය ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.
මේ අතර මධ්‍යම කඳුකරයටද දැඩි සුළං තත්ත්වයක් බලපා ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම්ද වාර්තා වුණා.
එමෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක්ද මේ වනවිට විවෘත කර තිබෙනවා.