තලෙයිමන්නාරමෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. පෙරේදා සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ තලෙයිමන්නාරම ප්රදේශයේම පදිංචි සහෝදරයන් දෙදෙනෙක්.
පොලීසිය ප්රකාශ කළේ මේ දිනවල පවතින සුළං තත්ත්වයත් සමඟ මෙම ධීවරයන් මුහුදු ගිය බෝට්ටුව අනතුරට ලක්වන්නට ඇති බවට සැක කරන බවයි.
පවුලේ ඥාතීන් මේ පිළිබදව නාවික හමුදාවට ද දැනුම් දී තිබෙනවා.