පන්නල – ඇලබඩගම ප්‍රදේශයේදී විදේශ රටකට යැවීමට සූදානම් කර තිබූ සුදු හඳුන් දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ තෙල් නිෂ්පාදන කර්මාන්තශාලාවක සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගත් මෙම සුදු හඳුන් දැව තොගයේ බර කිලෝග්‍රෑම් 6700 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
