Gossips

පරිභෝජනයට නුසුදුසු කසළ තේ තොගයක් අත්අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ගම්පොල – දවුලගල – පූනාගල මංසන්ධියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර, කසල තේ කිලෝග්‍රැම් 1920 ක් සිය භාරයට ගෙන ඇති බව සඳහන්.
කසළ සේ තොගය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා දවුලගල පොලීසියට භාරදී තිබෙනවා.