Gossips

එජාප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව තිස්ස අත්තනායක කියයි

පක්ෂය ගොඩ ගැනීමට නම් නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු කියා සිටියේ එසේ නොවුණහොත් එක්සත් ජාතික පක්ෂය අභාවයට යෑම වැළැක්විය නොහැකි බවයි.
පක්ෂයේ වෙනසක් සිදු නොකිරීමෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ට බලවත් අසාධාරණයක් සිදුකරන බවද තිස්ස අත්තනායක එහිදී ප්‍රකාශ කළා.