නව ලක්ෂපාන බලාගාරයේ සිට බලංගොඩ දක්වා දිවෙන කිලෝවොට් 132 රැහැන් මාර්ග දෙකක බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ රැසක ඊයේ රාත්‍රියේ විදුලි සැපයුම ඇණ හිටියා.
විදුලි බල මණ්ඩලය කියා සිටියේ ඒ අනුව, ගාල්ල, මාතර, හම්බන්තොට, අම්බලන්ගොඩ, දෙණියාය, රත්නපුර, ඇඹිලිපිටිය සහ බලංගොඩ ප්‍රදේශවල විදුලි සැපයුම බිද වැටුණු බවයි.
බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරිමට තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.
මිලියන 6 ක් පමණ වන මෙරට විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන් හතරෙන් එකකට පමණ මේ හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.