Gossips

පුතුගේ අනතුර වාර්තා කළ මාධ්‍යයට රංගේ බණ්ඩාරගෙන් දොස්

බීමතින් කැබ්රියක් පදවා තම පුත් යශෝධ රංගේ බණ්ඩාර පසුගිය 06 වනදා සිදුකළ අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අද අදහස් පල කළා.
ඒ ආනමඩුව සුදම්පාය ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්.
‘‘ ඊයේ පෙරේදා ව්‍යාපාරිකයින් එක්ක තිබුණ සාකච්ඡාවකට මම ඔහුව යැව්වාග සහභාගිවෙලා එනකොට වාහනය ඇක්සිඩන්ට් වුණා. වාහනයේ තිබුණා බෝතලයක්. විදේශීය මත්පැන් බෝතලයක් වොඩ්කා. බෝතලයේ පිට පැත්ත වොඩ්කා, ඇතුළ ඇල්වතුර. බොන්න ගෙනියන වතුර බෝතලේ. අපේ මාධ්‍ය පෙන්නුවා මත්පැන් බෝතලයකුත් සමඟ යශෝධ රිය අනතුරක් කරයි. හිරු මාධ්‍ය යේ මේකේ වාර්තා චිත්‍රපටියක් කරා. මම අද ඒකේ අධ්‍යක්ෂ හිරාන් ප්‍රියන්කරට මෙතෙන්ට එන්න කියලා තිබ්බේ. හැබැයි ඇවිල්ලා නෑ. පහුගිය දවස් කීපයේම ඒ චිත්‍රපටය පෙන්නුවා.’’
ප්‍රවෘත්තිය වාර්තාකරණය සම්බන්ධයෙන් අපට පාඩම් කියාදෙන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගෙන්, මෙම අනතුර සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයේ කරුණු දැනගැනීම සදහා අප අවස්ථා ගණනාවකදි උත්සහා දැරුවද ඒ සෑම අවස්ථාවකදීම ඔහු දැන හෝ නොදැන මාධ්‍ය මගහැර සිටියා.
දුරකථන අංක 0773502200 අංකයෙන් අප ඔහු සම්බන්ධ කර ගැනිමට උත්සාහ දරු සෑම අවස්ථාවකදීම ඊට ප්‍රතිචාර දැක්වූ ආරක්ෂක නිළධාරින් කියා සිටියේ අමාත්‍යවරයා කාර්ය බහුල බවයි.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තවදුරටත් මෙලෙස අදහස් පළ කළා.
‘‘ මේකෙදි කියනවා කඩුත් තිබුණා. පොලුත් තිබුණා කියලා. රිය අනතුරෙන් පස්සේ අපේ එතන හිටිය අසේල මන්ත්‍රීතුමාගේ වැඩිමහල් සහෝදරයාට එතන පිරිසක් පහර දුන්නා. ඒ ගොල්ලෝ කඩු පොලු අරගෙන ඇවිල්ලා තිබුණා. පොලිසිය මේක ගැන විභාග කළේ නැහැ අද වෙනකන්. තව වෙනකන් ආරච්චිකට්ටුව පොලිසිය බුදි. පොලිස්පතිතුමා නවනවා කියන කතාවත් හරි.’’
රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස ඇගිල්ල දිගු කළත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අප සෑම විටම පුවත් වාර්තා කළේ පොලීසිය ලබාදුන් නිවැරදි තොරතුරු මතයි.
කඩුව සහ අදාළ මුගුර අනතුරට ලක්වූ කැබ් රථයේ තිබී සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
එමෙන්ම, අනතුර සිදු වු පසු යම් කිසි කලහකාරි සිදුවීමක් වු බවට කිසිදු පැමිණිල්ලක් මේ වනතුරුත් ආරච්චිකට්ටුව පොලීසියට ලැබී නැහැ.
එසේ නම් රාජ්‍ය අමාත්‍යවරයා වාර්තාකරණය පිළිබද මාධ්‍යට ඇගිල්ල දිගු කරන්නේ කෙසේද ?
පොලිස් මුලස්ථානය ඊයේ පෙරවරු 6.10 ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ 2018.06.06 වැනි දින අලූයම් කාලයේදී ආරච්චිකට්ටුව – කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් යශෝධ රංගේ බණ්ඩාර යන අය අත්අඩංගුවට ගත් බවයි.
රජයේ දෙපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, බීමතින් රිය පදවා රිය අනතුරක් සිදු කිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදු කිරිම යන චෝදනා තුන යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව ද එහි දැක්වුණා.
මේ අතර, මීට පෙර අවස්ථා කිහිපයකදී යශෝධ රංගේ බණ්ඩාරට අනතුරු කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා අද පැවති උත්සවයේදී මෙලෙස අදහස් පළකලා.
‘‘ අපේ පෞද්ගලික වාහනේ තලාකොලවැවේදී ඇක්සිඩන්ට් වුණා. පවුලට අපි සැලකුවා. ගේ දොර හදලා දුන්නා. අපි රැකියාවක් දුන්නා. අපි මුදලින් උදව් කළාග අපේ වාහනය අපි හදාගත්තා. ඒ මගේ දරුවා එළවලා නෙමෙයි. හැබැයි ඒකෙත් කියන්නේ යශෝධ එලෙව්වා. මේකත් කියන්නේ යශෝධ එලෙව්වා කියලා.’’
එම අනතුරු සම්බන්ධ වාර්තාකරණයේදී ඇමති පුත්‍රයා අදාල වාහන පැදවීමක් කළ බවට අප කිසිදු අවස්ථාවක වාර්තා කර නැහැ.
මාධ්‍යයට චෝදනා කිරීමට පෙර එම පුවත් හොදින් අධ්‍යයනය කර අවබෝධය ලබා ගෙන එම චෝදනා එල්ල කරන ලෙසට වාර්තාකරණය ඉගැන්වීමට වෙර දරන රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරට අප සිහිපත් කර සිටිනවා.
එමෙන්ම, යශෝධ බණ්ඩාර සම්බන්ධව මිට පෙර සිදුවු අනතුරුවලදි අගතියට පත් පාර්ශවයන් පිළිබදව සොයා බැලූ බවට අමාත්‍යවරයා පැවසුවද ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලිමකදී හෙළි වුනේ එවැන්නක් මෙතෙක් සිදුව නොමැති බවයි.