Gossips

ගම්පහ රත්කළ වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි හැටි

ගම්පහ – නැදගමුව – බෝගස්ගහ හන්දිය ප්‍රදේශයේදී පසුගිය 04 වැනිදා සිදුකළ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය වේයන්ගොඩ ප්‍රදේශයේ නිවසක් අසල තිබී සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අදාළ යතුරුපැදියේ අංක තහඩු ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
පසුගිය 4 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ගම්පහ – නැදගමුව ප්‍රදේශයේ පදිංචි චමින්ද හෙවත් චමී නමැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අදාළ තැනැත්තා පස් පොඞ්ඩා නැමැති පාතාල සාමාජිකයාගේ සමීපතම ගෝලයෙකු බවද එහිදී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම, පසුගිය අඟහරුවාදා ද ගම්පහ – කෙහෙල්බද්දර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
දෙපිරිසක් අතර දිගු කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම් දෙක සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.