Gossips

ඉන්දියානුවෙකු බස් රථයකට යට වී ජීවිතක්ෂයට

කොම්පඤ්ඤවීදිය – ගැලනිවීදියේ ඉන්දීය වැඩබිමක් තුළ දී, එම වැඩ බිමේ සේවය කළ ඉන්දියානු ජාතිකයන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයකට යට වී ඉන්දියානුවෙකු මිය ගොස් තිබෙනවා.
ඊයේ (08) රාත්‍රී 9ට පමණ බස් රථය නැවැත්වීමට පෙර එයට ගොඩ වූ මෙම 24 හැවිරිදි ඉන්දියානු ජාතිකයා එම බස් රථයෙන් වැටී එහි වම් පස රෝදයට යට වී බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.