Gossips

Update – වෙඩි හුවමාරුවෙන් මිය ගිය පාතාල සාමාජිකයෙක්, මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක්

මහනුවර – මඩවල ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් මිය ගිය පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ කප්පම් මුදල් එකතු කළ ගෝලයෙක් බව පොලිසිය පවසනවා.
අද පෙරවරුවේ සුඛෝපභෝගි මෝටර් රථයකින් පතාල කල්ලි සමාජිකයෙකු පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග බාධයක් යොදා අදාළ මෝටර් රථය නැවැත්වීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී අදාළ මෝටර් රථය මාර්ග බාධක පසුකර ගොස් පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා තැබීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවා.
එහිදී මෙම පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනා තුවාල ලබා කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
Update :- Saturday, June 9, 2018 1.10 pm
—————————————————————
මහනුවර – මඩවල ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනා මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
අද (09) පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කළ අවස්ථාවේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බව සඳහන්.