Gossips

ගල් කොරි සඳහා නව නීති

ගල්කොරි සඳහා නව නීති රීති හඳුන්වා දීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
ගල් කොරි පවත්වාගෙන යන ප්‍රදේශවල ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම නීති රීති හඳුන්වා දීමට තීරණය කර ඇති බවයි එහි සභාපති අසේල ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
එමෙන්ම පරිසර හිතකාමී අයුරින් වැලි ගොඩදැමීම් සිදුකිරීමට ද ඉදිරියේදී පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.