Gossips

තරුණයෙකුට දිවි අහිමිකළ මිද්දෙණියේ අනතුර

මිද්දෙණිය – හුංගම ප්‍රධාන මාර්ගයේ කුඩාගොඩ ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිද්දෙණිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා තලාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී යතුරුපැදියේ ගමන් ගත් පසුපැදිකරු මියගොස් ඇති බව සඳහන්.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය පවසන්නේ මියගිය තැනැත්තා වයස අවුරුදු 25ක තරුණයෙක් බවයි.
අනතුරෙන් පසු වෑන් රථයේ රියදුරු වෑන් රථය එම ස්ථානයේ දමා පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දින සිදුකිරීමට නියමිත බවයි.