Gossips

ජී – 7 කණ්ඩායමට රුසියාව යළි ඇතුළත් කර ගන්නැයි ඉල්ලීමක්

ලොව බලගතුම කාර්මික රටවල් ඇතුලත් ජී – 07 කණ්ඩායමට රුසියාව යළි ඇතුළත් කර ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේ නමුත්, එය ඇමරිකාව සිය බටහිර සගයන් සමඟ පවතින ගැටුම තවත් උත්සන්න කරන හේතුවක් විය හැකි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
රුසියාව, ජී – 7 කණ්ඩායමෙන් මීට වසර 4කට පෙර නෙරපනු ලැබුවේ යුක්රේනයට අයත්ව තිබූ ක්‍රයිමියාව නැවතත් රුසියාවට ඈදා ගැනීම හේතුවෙන්.
කැනඩාවේ පැවැත්වෙන ජී – 7 සමුළුව සඳහා පිටත්ව යාමට පෙර ජනපති ට්‍රම්ප් එම ප්‍රකාශය සිදුකර ඇත්තේ වොෂින්ටනයේදියි.