Gossips

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි තබා ඝාතනය කරයි

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් ඊයේ (08) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය සඳහන් කළේ රාත්‍රී 10.15ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
48 හැවිරිදි ඩොනල්ඩ් සම්පත්, මෙවර පළාත් පාලන මැතිවරණයේදී කරන්දෙනිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.
ඔහු විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වී සිය කැබ් රථයෙන් යළි නිවස බලා පැමිණෙන අතරතුර මෙලෙස වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේදීයි.
එහිදී කැබ් රථයේ සිටි රියදුරුගේ එක් අතකට වෙඩි වැදී තුවාල ලැබූ අතර, රථයේ සිටි තවත් පුද්ගලයෙකුට සිද්ධියෙන් කිසිදු හානියක් සිදුවී නැහැ.
මියගිය උප සභාපතිවරයාගේ දේහය කරන්දෙනිය – බොරකන්ද රෝහලේ තබා ඇති අතර, වෙඩි වැදුණු රියදුරු ද එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඌරගස්මංහන්දිය පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.