Gossips

ශ්‍රී ලංකා පළමු ඉනිම 185කට නතරවෙයි

පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 185කට දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුනා.
කොදෙව් කණ්ඩායම මේ වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරින් කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් රැස්කරගෙන සිටිනවා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන් කඩුලු 8 ක් දැවී ලකුණු 414 ක් ලබාසිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ අනුව කොදෙව් කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 360ක් ඉදිරියෙන් සිටිනී කඩුලු 6 ක් අතැතිවයි.