Gossips

භූමිතෙල් මිල අඩු කිරීම ගැන කතා දෙකක්

රටේ සියලු ජනතාව වෙනුවෙන් පෙර පැවති මිලටම භූමිතෙල් ලබාදිය යුතු බව ධීවර සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙනවා. එ
හෙත් මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා දක්වන්නේ වෙනස් අදහස්.
මේ වන විට වෙළදපොළේ භූමිතෙල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 101කටයි.
ලබන සඳුදා සිට රුපියල් 70ත්, 80ත් අතර මිලකට භූමිතෙල් ලීටරයක් ලබාදීමට හැකි වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි ප්‍රකාශ කළේ.
මහාභාණ්ඩාගාරය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට පැමිණි බව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
කෙසේ වෙතත්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා බිබිල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව කියා සිටියේ මීට අදාළ සාකච්ඡාවලින් තමන් ඉවත් වූ බවයි.
පෙර පැවති රුපියල් 44 මිලට භූමිතෙල් ලබාදීමට ලබන සතියේ දී කටයුතු නොකළහොත් දැවැන්ත අරගලයක නිරත වන බවයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ කියා සිටියා.