Gossips

ආරාධනා නොකිරීමක් ගැන පරිසරවේදියෙකුගෙන් ඇමති කිරිඇල්ලට චෝදනා

නක්ල්ස් රක්ෂිතයේ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය දා කැදවා තිබූ මාධ්‍ය හමුවට තමාට ආරාධනා නොකළ බව පරිසරවේදී සජීව චාමිකර පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ පෙරවරු 9ට ආරම්භ වූ අදාළ මාධ්‍ය හමුව සඳහා සහභාගි විය හැකි දැයි තමාගෙන් විමසා සිටියේ පෙරවරු 9.20ට පමණ බවයි.
නක්ල්ස් රක්ෂිතයේ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය දා කැදවා තිබූ මාධ්‍ය හමුවේදී පරිසරවේදීන් එය මඟහැරි බවට චෝදනා කළා.