Gossips

ලොව වටිනාම සුදු දියමන්තිය වෙන්දේසියට

ලොව වටිනාම සුදු දියමන්තිය ලෙස සැලකෙන කැරට් 102 ක් බරැති අවර්ණ දියමන්තියක් මේ මාසයේ ලන්ඩන් නුවරදී වෙන්දේසි කෙරෙනවා.
දැනට ලෝක වාර්තා උසුලන සුදු දියමන්තිය හොංකොහිදී 2013 වසරේ අලෙවි වුණේ කැරට් 1 ක් ඩොලර් දෙලක්ෂ 60,000 ක් ලෙසයි.
එම මිල සැලකූ විට මෙම දියමන්තිය ඩොලර් මිලියන 31 කට වැඩි වටිනාකමකින් යුක්ත බව සැලකෙනවා.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 472 කට වැඩි අගයක්.
කැරට් 100 ට වැඩි බරකින් යුත් දියමන්ති වලට ඇමරිකානු මැණික් විද්‍යා ආයතනය මගින් ඉහළම වර්ගීකරණයක් ලබාදෙන අතර ලන්ඩන් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන දියමන්තිය ලෝක වාර්තාගත මිලකට විකිණෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.