Gossips

දුමින්ද දිසානායක, ඩිලාන් පෙරේරාට සුබ පතයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට මීළඟ මහ මැතිවරණයකදී ජනතා ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තු වරම් හිමි කර ගැනීමට තමන් සුබ පතන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
ඒ, අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
නිදහස් පක්ෂ ජාතික සංවිධායක ධුරයේ නිසි පරිදි කටයුතු නොකළහොත් එම තනතුරෙන් ද දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඉවත් කරන බවට ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඊයේ සිදුකළ ප්‍රකාශය ගැන මෙහිදී මාධ්‍යවේදීන් වැඩිදුර කරුණු විමසුවා.