Gossips

ආදරෙන් කැන්දන් ගිය තම බිරිඳට අන්තිමේදී කළ අපරාධය

තමන්ට හිමිවිය යුතු දෑවැද්ද වෙනුවට බිරිඳගේ වකුගඩුව ගත් සැමියෙකු පිලිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන්.
අදාළ කාන්තාව මෙම පුද්ගලයා සමඟ විවාහ වුවද ඔහුට හිමිවියයුතු දෑවැද්ද ලබාදීමට එම කාන්තාවගේ පාර්ශවයේ ඥාතීන් ට නොහැකිව තිබෙනවා.
ඒ අනුව ටික කලක් ගතවෙද්දී අදාළ දෑවැද්ද ගැන පවසමින් තම සැමියා විසින් විවිධ අයුරින් තමන්ට බලපෑම් එල්ලකළ බවයි මෙම කාන්තාව පොලිසියට සඳහන් කර ඇත්තේ.
පසුව එක්දිනක තමන්ගේ උදරයේ ආබාධයක් වැළඳුනු බවත් පසුව ඒ පිළිබඳව සැමියාට දැනුම්දීමෙන් අනතුරුව තමන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රැගෙන ගිය බවත් ඇය සඳහන් කර තිබෙනවා.
එහිදී සැමියා විසින් මෙම කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ උණ්ඩුකපුච්ඡය සම්බන්ධ සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය බවයි.
ඒ අනුව තමන් ඊට එකඟ වී පසුව අදාළ වෛද්‍ය ආයතනය හරහා එම සැත්කම සිදුකළ බවත් කාන්තාව පවසනවා.
ටික කලකට පසුව මෙම තත්වය සුවවන බවත් එම සිදුවීම පිළිබඳව කිසිවෙකුටත් නොපවසන ලෙසත් තමන්ට සැමියා පැවසූ බවයි ඇය පවසන්නේ.
කෙසේ වෙතත් සැත්කමෙන් පසුව තමන් නැවත රෝගී වීම හේතුවෙන් එම කාන්තාව විසින් වෙනත් වෛද්‍ය ආයතනයක් හරහා පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
එහිදී තහවුරු වී ඇත්තේ ඇයගේ දකුණුපස වකුගඩුව අතුරුදන්ව ඇති බවයි.
ඒ අනුව මෙම තත්වය පිළිබඳව තම සැමියාට පැවසුවද ඔහු ඒ පිළිබඳව තැකීමක් සිදුනොකිරීමත් සමඟ තම සැමියා පිලිබඳව සැකසිතුනු බවයි ඇය පවසන්නේ.
පසුව එම කාන්තාව පොලිසියට අදාල සිදුවීම පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.
අනාවරණ වී ඇති තොරතුරුවලට අනුව සැකපලකරන්නේ මෙලෙස තම බිරිඳගේ වකුගඩුවක් ඉවත්කර එය හොර රහසේ විකුණා අදාළ සැමියා විසින් මුදල් ලබාගෙන ඇති බවටයි.
ඒ අනුව සිදුකරන පරීක්ෂණවලට අනුව සැකකාර සැමියා සහ ඔහුගේ ඥාති සොහොයුරෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අනුව බලධාරීන්ගේ අවධානය ද අදාල සිදුවීම වෙත යොමුව ඇති අතර ඔවුන් පවසන්නේ මෙලෙස වකුගඩු රැගෙන විකිණීමේ විශාල ජාවාරමක් ක්‍රියාත්මක වනවාද යන්න පිලිබන්ද සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.