Gossips

වවුනියාවේ පුද්ගලයෙකු ගෙළ වැළලා ගනී

වවුනියාවේ වෙප්පන්කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (08) දා සවස ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ සෞදි අරාබියේ කාලයක් සේවය කොට මෑතකදී වවුනියාවට පැමිණි එම්.මයුරන් නැමති විවාහකයෙක්.
මිය ගිය පුද්ගලයා එල්ලී සිටිනු දැක බිරිද ඇතුළු පිරිසක් කෑගසද්දී අසල්වාසීන් ඔහුව ලණුවෙන් ගලවා වවුනියාව මහ රෝහලට රැගෙන විත් ඇතත් ඔහු ඒ වන විට මිය ගොස් සිටි බව වෛද්‍යවරු පවසා තිබෙනවා.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වවුනියාව රෝහල් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.