Gossips

පීසා කුළුණේ රහස හෙළිවේ

වයඹ දිග ඉතාලියේ පිහිටි සුප්‍රකට පීසා කුළුණ සියවස් ගණනාවක් ඇද නොවැටී පැවතීමේ රහස විද්‍යාඥයන් පිරිසක් විසින් අනාවරණ කරගෙන තිබෙනවා.
1280 වසරේ ඉදිකළ බව සැලකෙන යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති පීසා කුළුණ අංශක 5 යි දශම 5 කින් ඇල වී තිබීම විශේෂත්වයක්.
එය ලෝක යුද්ධ දෙකකට මෙන්ම කලාපයට බලපෑ ප්‍රබල භූ කම්පන රැසකින් ඇද නොවැටීම විද්‍යාඥයන්ගේ අවධානයට යොමුවූ කරුණක්.
ඒ පිළිබඳ නව අධ්‍යයනයක් සිදුකළ විද්‍යාඥයන් කණ්ඩායමක් ප්‍රකාශ කළේ පීසා කුළුණ ඉදිකළ භූමියේ පස මෘදු වීම එහි දිගුකාලීන පැවැත්මට ආධාරකයක් වී ඇති බවයි.
ශක්තිමත් ලෙසින් ඉදිකළ කුළුණ කම්පනවලදී මෘදු පත්ලේ චලනය වුවද නැවතත් මුල් ස්වභාවයට පැමිණීමට හැකියාවක් ඇති බව විද්‍යාඥයන් අනාවරණ කරගෙන ඇති කරුණයි.