අඩි 4 ක් දිග අතු කැබැල්ලක් පපුව හරහා ගොස් ගෙල ප්‍රදේශයෙන් පිටවී අනතුරට ලක්වූ 12 හැවිරිදි පිරිමි ළමයෙකු බේරා ගැනීමට ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබෙනවා.
බෙන්ගාල් ප්‍රදේශයේදී බෙරි ගසකට නැගී බෙරි කඩමින් සිටියදී ඉන් ඇද වැටී මෙම ළමයා අනතුරට ලක්ව තිබු බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
ඉතා බරපතල තත්වයෙන් රෝහලට ගෙන ආ ළමයාට පැය 3 ක ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර මේ වන විට ඔහු යථා තත්වයට පත්වෙමින් සිටින බව සඳහන්.
අනතුරින් පසු ග්‍රාමීය රෝහලකට ඇතුලත් කෙරුනු ළමයාගේ සිරුරේ ඇනී තිබු අතු කැබැල්ල ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකියාවක් ලැබී නැහැ.
පසුව සැතපුම් 120 ක් පමණ දුරින් පිහිටි කතක් හි ශික්ෂන රෝහලක් වෙත ඔහු මාරුකර යවා තිබුනා.
එහිදීයි සැත්කම සිදුකර ඇත්තේ.
ශල්‍යකර්මයෙන් පසු පැය 72 ක පමණ කාලයක් හදිසි ප්‍රතිකාර ඒකකයේ රඳවා සිටි මෙම ළමයා පසුව සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරුකර තිබෙනවා.
මේ වන විට ඔහුගේ තත්වය සාමාන්‍ය බවයි වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ.
කෙසේවෙතත් තවත් දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.
අති සංවේදී දර්ශන සහිතයි
rnඅති සංවේදී දර්ශන සහිතයි rnrnrnrn