Gossips

සංචාරක ආගමනයේ වැඩිවීමක්

පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 6.2 කින් වර්ධනය වී තිබෙනවා.
මැයි මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයන් එක්ලක්ෂ 29,466 දෙනෙකු පැමිණ ඇති අතර, ඒ අනුව, වසරේ පළමු මාස 5 තුළ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 17,819 දක්වා සියයට 14.7 කින් ඉහළ ගොස් තිබෙනවා.
මැයි මාසයේ දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 23 ක් එනම්, 34,167 ක් ඉන්දියානුවන්.
චීන සංචාරකයින්ගේ ආගමනය 17,103 දක්වා සියයට 7.3 කින් පහත වැටී තිබෙනවා.
මැයි මාසය තුළ දිවයිනට පැමිණි ජපාන සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 48.5 කින් වර්ධනය වී ඇති අතර, මැයි මාසයේ අග්නිදිග ආසියානු කලාපයෙන් පැමිණි සංචාරකයන්, මුළු සංචාරක සංඛ්‍යාවෙන් සියයට 65 ක් නියෝජනය කිරීම විශේෂත්වයක්.