Gossips

යුද සමයේ කිලිනොච්චියේ වළ දැමූ බෝම්බ හමුවේ (ඡායාරූප)

යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ වැසිකිලි වලක සඟවා තිබූ බවට සැකකෙරෙන ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගැනුණා.
ගවයන් බැලීමට ගිය පුද්ගලයන් පිරිසක් මෙම පුපුරණ ද්‍රව්‍ය දැක ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබුනා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ විවිධ වර්ගයේ අත් බෝම්බ 184 ක්, ටී 56 පතුරම් 35500 ක්, ක්ලේමෝ බෝම්බ 5 ක්, අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 4 ක්, මිලිමීටර් 40 වර්ගයේ උණ්ඩ 34 ක්, ආර් පී ජී උණ්ඩ 4 ක් ඇතුලු පුපුරන ද්‍රව්‍ය ඒ අතර තිබු බවයි.



ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය