Gossips

ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක ඉවත් වෙයි

ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් සුරේන් රත්වත්තේ ඉල්ලා අස්වී තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙලට ඉඩ සලසමින් ඔහු මෙලෙස කලින් විශ්‍රාම ගැනීමට පියවර ගෙන ඇති බව සදහන්.
ලොව විශාලතම ගුවන් සේවයක් වන එමිරේට්ස් ගුවන් සේවයේ මීට පෙර සේවය කර ඇති ඔහු 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින්ලංකා ගුවන් සේවයේ විධායක නිලධාරි තනතුරට පත්වුණා.
1989 වසරේ එමිරේට්ස් ගුවන් සේවයට සම්බන්ධ වීමට පෙර ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර ඇති ඔහුගේ ගුවන් නියමු සේවා කාලය වසර 30 කට අධිකයි.
කෙසේ නමුත්, ඔහුගේ පාලන සමය තුළද ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රගතියක් දක්නට නොලැබුණු බව විශ්ලේෂකයන්ගේ අදහසයි.
මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය, මිහින්ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් ආයතනවල පසුගිය කාලය තුළ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම පසුගිය සදුදා සිය සාක්ෂි විභාගය ආරම්භ කළා.