Gossips

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අද පස්වරු කාලයේදී වැසි ඇතිවිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව, කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.