Gossips

ලංකාවට නයා පෙන්නූ බංගලාදේශයට ඊයේ මහ රෑ යළි නයා පෙන්නූ හැටි මෙන්න

ලංකාවට නයා පෙන්නූ බංගලාදේශයට ඊයේ මහ රෑ යළි නයා පෙන්නූ හැටි මෙන්න "
විස්සයි විස්ස ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් ප්‍රබල කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වෙමින් නැගී එන සුපිරි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ බංගලාදේශයට එරෙහි අවසන් විස්සයි විස්සේද ජය තහවුරු කරගත්තා.
ඊයේ ඇෆ්ගනිස්තානය හිමිකරගත් එක් ලකුණක තියුණු ජය සමඟින් තරඟාවලිය 3 – 0 ලෙස ජයගැනීමට ඔවුන් සමත් වූවා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබාගත්තා.
එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ Samiullah Shenwari නොදැවී ලකුණු 33ක් රැස්කළා.
Abu Jayed සහ Nazmul Islam බංගලාදේශය වෙනුවෙන් කඩුලු දෙක බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංගලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත්තේ ලකුණු 144ක් පමණයි.
19 වන පන්දුවාරය ඇරඹුමේ ජයග්‍රහණය සඳහා බංගලාදේශයට ලකුණු 30 අවශ්‍යව තිබුනා.
මොහොතකට තරඟයේ වාසිය බංගලාදේශය දෙසට හරවමින් එම පන්දුවාරයේදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 21 ක් රැස්කළා.
කෙසේ වෙතත් අවසන් පන්දුවාරයේ වගකීම බාරගන්නේ ලොව විස්සයි විස්ස අංක එකේ පන්දුයවන ක්‍රීඩක රෂීඩ් ඛාන් විසින්.
එහිදී ඇෆ්ගනිස්තානයට අභියෝගයක් වූ මුෂ්ෆිකර් ගේ කඩුල්ල දවාගැනීමට ඇරඹුමේම රෂීඩ් ඛාන් සමත්වනවා.
පසුව බංග්ලාදේශ ඉනිම ලකුණු 144කට සීමා කරමින් තරඟයේ ජය ඇෆ්ගනිස්ථානය වෙත ගෙනෙමින් තරඟාවලියේ වීරයා සම්මානයද හිමිකරගන්නේ ඔහු විසින්.
කෙසේ වෙතත් අවසන් පන්දුවට Ariful Haque එල්ලකළ පහරක් හතරේ සීමා ආසන්නයේදී ඉතා විශිෂ්ඨ අන්දමින් රැකගැනීමට Shafiqullah සමත්වනවා.
මේ අතර බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ලෝකයේම අවධානයට ලක්වූ නයි නැටුම ද නැවත පිටියේ දැකගන්නට ලැබීම විශේෂත්වයක්.
බංගලාදේශයට එරෙහි තම ජය සමරමින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් නයි නැටුමේ යෙදුනු හැටි සහ තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn
rn