Gossips

ඡන්දයට නිරීක්ෂණ නිලධාරින් 7000 ක්

පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශීය නිරීක්ෂකයින්ද එක්ව සිටිනවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දිවයින පුරා මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 7000 ක් පමණ යොදවා ඇති බවයි.
මේ අතර, මැතිවරණය නිරික්ෂණය කිරිමට මෙරටට පැමිණි විදේශීය නිරික්ෂකයින් 10 දෙනෙකු ඊයේ (08) දිස්ත්‍රික්ක කිහිපයක් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ ආරධනයකට අනුව මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දීයාව, මාලදිවයින, දකුණු කොරියාව සහ ඉන්දුනිසියාව යන රටවල් නියෝජනය කරන නිරීක්ෂකයින් පිරිසක්.
ඔවුන් අනිද්දා මැතිවරණය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දිමට නියමිතව තිබෙනවා.